පරිසරයේ මිහිරියාව

විසල් තුරුලිය ගෙනෙයි සිසිලස
රැඳී ඉන්නට අපට සුව සේ
පිපී කුසුමන් මතම රඟමින් රොන් ගනියි සමනලුන් රිසි සේ
සුදෝ සුදුවන් විසිර පෙණ කැටි ගලයි දිය ඇලි වලාකුළු සේ
අපේ දෙනෙතට රසඳුනක් වූ පරිසරය අපි රකිමු පණ සේ

ප්‍රියන්ති අමරතුංග
බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් රත්මලාන

Facebook
Facebook