ගසක් වවා හෙටක් පතමු

ජීවිතය ජය ගන්න
අපට නුඹ අවැසිමය
පණට පණ මෙන් වෙළී
නුඹ අපත් සමගමය
නුඹ නැතුව බැහැ අපට
අනේ හුස්මක් ගන්න
ඉතින් නුඹ නැති හෙටක්
කෙලෙස අපි සිතන්න ද?

අප ගන්න හුස්ම පොද
ඔබයි පිරිසිදු කළේ
නුඹයි අපේ පුංචි උන්
පවා ජීවත් කළේ
ඉතින් මං ණයගැතියි
නුඹට මේ ජීවිතේ
පණ දෙවැනි කොට රකිමි
මා නුඹව මේ භවේ…

මධූ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook