දුක ද මිහිරක් කරගත් තාත්තා

දහදිය බිංදුවල ලුණු රස
එළාගත්ත බත්පතට වැටුණට
රහ වැඩි වුණා මිසක දිවට
අපුලක් නම් දැනුන් නෑ කිසිවිට
දූවිලි තැවරිලාම තදට
යන්නෙ නෑ පැල්ලම් පාර නෑවට
උදේ හවා කුණු ගඳ නහයට
හුරු වෙලාම වෙන්නැති මට
කැමැත්තක් නොදැනෙන්නෙ සුවඳට

දවසේ පඩිය අතට ගත්තට
කන්න බොන්නම වියදම් සතේට
ඒත් නූලටම බේරලා නූලට
ගහගත්තෙ ඉණේ හිරට
ඇඟේ පතේ අමාරුව යන්නට
අරක්කු කාලක් ගන්නෙ පුරුද්දට
සිහියෙන් ඉන්නවට වඩා අවසිහියට
ඒ තරම් ප්‍රිය කලේ රස්සාවට
හෙටත් ගොඩවෙන්න කලින් කුණු ලොරියට

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook