පෝය දා පුර පසළොස්වක සඳ
පායලා තිබුණා ඔහේ
දන්නේ නැතුවම සිතට දැනුණා
අමාවක දවසක් වගේ
හීන් සීරුවේ සිතට දුකකුත්
ආවෙ නැතුවා නම් නොවේ
අමාවක දා අහස පීරා
පුන් සඳක් සෙව්වා වගේ
කමක් නෑ දැන් බොහෝ ඈතයි
අපේ ඇසුරත් ඒ වගේ
සඳක් නැතිවම කඳුළු සලනා
අහසකී මේ ජීවිතේ
බලා සිටියට කඳුළු නොසලා
දන්නවා මං කාරණේ
මටත් රහසෙම පෙමක පැටලී
යන්න යනවලු මැදියමේ
කමක් නෑ මං උහුලගන්නම්
කොහොම හරි මගේ වස්තුවේ
දන්නෙ නෑ නුඹ තාත්තෙක් දැන්
පුංචි පුතු පැටියට මගේ
ආයෙ නාවත් තරහ නෑ මං
වෙනදා දුන් සෙනෙහස අරන්
ඕනා මට එක උරුමයයි දැන්
පුංචි පැටියගේ නාමයෙන්
ඕන නෑ මට ඔබේ යුතුකම්
පියෙක් ලෙස කෙදිනකදිවත්
අනේ ඔබ හෙට යන්න කලියෙන්
තියනව ද පැටියට නමක්
ශෙරීන්