වරද කාගෙ ද?

බලා ඉන්නා බවම දැනගෙන
රිදුම් දෙන්නේ තවත් පපුවට
පිහි තුඩක් නොදැකපු කතාවක
සියුම් ඉදිකටු සැරයි පපුවට

හීනී මායම ඉඟි කරන හැඩ
තනිය මඟ රැකි පද පෙළක් නැත
වෙනස් වූයේ මන්ද අසනට
කලින් බලපන් බිදුණු මේ හිත

අනෝරා වැහි වසිනු මත්තෙන්
අහස කළු වී හුඟක් තිබුණා
ඉඳහිටක හැමූ වියළි හුළඟක
හැඟුම් දහසක් සිරවි තිබුණා

සැවොම අත් හැර යන්න හිතුණ ද
හිතේ පිරිලා නුඹම හිටියා
නෝක්කාඩුව ඉවර වෙනකොට
මැණිකේ එල්ලී මැරී තිබුණා

වරද කාගෙ ද අසනු අටියෙන් ආයේ පාරක් මූණ බැලුවා
පලක් නෑ හැමදේම ඉවරයි මැණිකේ හීනෙන් කියනු ඇසුණා
ගැස්සි ඇහැරුණු බියට වෙන්නැති කමිස උරහිස තෙතට තිබුණා
මැණිකේ හිනැහී මං බදාගෙන “තරහ නෑ මං” ඇයම කීවා

සුරංජි මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook