ජය නද නංවා බැබළෙන බ්‍රැන්ඩික්ස්

2023 සත් සාමාජික වෙළඳ සේවා රගර් තරගාවලිය ජුනි මස 16 හා 17 වන දෙදින පුරා CR and FC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ තරගාවලියට බ්‍රැන්ඩික්ස් සමූහය නියෝජනය කරමින් රගර් කණ්ඩායමක් සහභාගී වුණා.

මේ සත් සාමාජික වෙළඳ සේවා රගර් තරගාවලියේදී ප්ලේට් අංශය නියෝජනය කරමින් ශූරතාව දිනා ගැනීමට බ්‍රැන්ඩික්ස් විශිෂ්ටයන්ට හැකි වුණා. බ්‍රැන්ඩික්ස් රගර් කණ්ඩායම තරග වැදුණේ පර්ල් බීච් කණ්ඩායමට එරෙහිවයි. මේ තරගාවලියේදී පර්ල් බීච් කණ්ඩායමට එරෙහිව 15ට 7ක් ලෙස තරගය ජය ගැනීමට බ්‍රැන්ඩික්ස් රගර් කණ්ඩායමට හැකි වුණා.

ඇඟලුම් සන්නාමයක් ලෙස විශිෂ්‍ටත්වයට පත් බ්‍රැන්ඩික්ස් අනෙක් සියලු කටයුතුවලදී ද විශිෂ්ටයන් බවට පත් වීමට කැපවීමෙන් ක්‍රියාකරන්නේ බ්‍රැන්ඩික්ස් අපේකම ද සමගයි. 2023 වර්ෂයේ බ්‍රැන්ඩික්ස් ලැබූ ජයග්‍රහණ අතරට 2023 සත් සාමාජික වෙළඳ සේවා රගර් තරගාවලියේ ජයග්‍රහණය ද එක් වීම බ්‍රැන්ඩික්ස් අපිට සතුටක් වගේම අභිමානයක්.

බ්‍රැන්ඩික්ස් නාමය බබළවන්නට දිරියෙන් තරග කළ, ජය නද නංවා බ්‍රැන්ඩික්ස් නාමය ක්‍රීඩාවෙන් ද ඉදිරියට ගෙන යන අපගේ රගර් කණ්ඩායමේ සියලු දෙනාට වියමන් පවුලේ උණුසුම් සුබ පැතුම්!

Facebook
Facebook