මගේ ලෝකේ හිරු වී සදා

හදවත් ගොලු වූ වචනයට
පොර බදිමි මම අමුණන්න නිසදැස
අවසරයි මගේ තාත්තේ
ඔබේ සුවඳ විඳින්නට

මෙලොව ආ දවසේ මා
ඔබේ හද ලඟ තුරුලු කරන්
ආදරෙන් සිප ගත්තලු
ඔබේ දෑතට මාව අරන්

මගේ අම්මාගේ රත් රුධිරය
කිරි වී මා හට පෙව්වත්
මගේ හදවතේ පිරෙනා ලෙය
නුඹේ නමින්ය හැමදාමත්

දණ ගාගෙන මං යන කල
දෑත් දෙකම අල්ලාගෙන
මෙහෙම පුතේ ඇවිදින්නේ
කියා පුරුදු කෙරුවලු නුඹු

මගේ ලෝකේ හිරු වී සදා
අඳුරු වළා නැති කෙරුවා
පොළවක් සේ හාමදේ දරන්
මගේ දිවි මට පිබිදුවා

අයි. ජී. අහින්සා
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ  ආයතන

Facebook
Facebook