1.බ්‍රැන්ඩික්ස් ආයතන කිහිපයක් රුධිරය දානයට එක් වෙයි.

බ්‍රැන්ඩික්ස් වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන 2023 යටතේ බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනයේ ලේ දන් දීමේ වැඩසටහන අගෝස්තු 16 වනදා එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණා. රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් කෑගල්ල ශීක්ෂණ රෝහලට රුධිර පයින්ට් 120කට අධික ප්‍රමාණයක් ලබා දුන් අතර මේ සඳහා පරිත්‍යාගශීලී සාමාජික සාමාජිකාවන් පිරිසක් දායකත්වය ලබා දුන්නා. මේ එහි දසුන් කිහිපයක් වියමන් ටීවී කැමරාවේ සටහන් වූ ආකාරයයි.

2.නිවිතිගල සහ අවිස්සාවේල්ල නව සේවක සභා හඳුනාගැනේ.

බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ ඉදිරි වසර දෙක සදහා පත්වූ නව සේවක සභා සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැවති විශේෂ එක්දින පුහුණු වැඩසටහන පසුගිය අගෝස්තු 22 දින රත්නපුර සෙන්චූරියා හෝටලයේ දී පැවැත්වුණා . මෙහිදී සංජීව බෝගොඩ මහතා සමග මානව සම්පත් කළමනාකාරිනී සවින්දිකා යාපා විසින් සාමාජික සාමාජිකාවන් ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගනු ලැබු වැඩසටහනක් ද පවත්වනුලැබුවා. සාමාජික සාමාජිකාවන් 30ක් පමණ සහභාගී වූ මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වුණේ ඔවුන්ගේ දැනුම කුසලතා සහ නායකත්ව හැකියා දියුණු කිරීම සහ ඉහළ නැංවීමයි.

බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ ඉදිරි වර්ෂ දෙක සඳහා පත්වූ, නව සේවක සභා සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැවති විශේෂ එක්දින පුහුණු වැඩසටහන, පසුගිය අගෝස්තු මස 17 වන දින අවිස්සාවේල්ලේ දී ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත් වුණා. මෙහිදී, සමූහ මානව සම්පත් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී සුජිත් ජයසේකර මහතා විසින් සේවක සභා සාමාජික සාමාජිකාවන්ගේ වගකීම් සහ රාජකාරී  පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වුවා. එසේම, සමූහ මානව සම්පත් කළමණාකාරිණී සවින්දිකා යාපා සහ සහකාර කළමනාකාරිණී සුභක්ති දේවගේ විසින් සේවක සභා සාමාජික සාමාජිකාවන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගනු ලැබූ වැඩසටහනක් ද පවත්වනු ලැබුවා. සේවක සභා සාමාජික සාමාජිකාවන් 71ක් සහභාගී වූ මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වුණේ ඔවුන්ගේ දැනුම, කුසලතා හා නායකත්ව හැකියා දියුණු කිරීම හා ඉහළ නැංවීමයි.

3.මිණුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් අඩුපහසුකම් සහිත පාසල් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක.

අඩු පහසුකම් සහිත පාසල් දෙකක තෝරාගත් පාසල් සිසුන් පිරිසකට උපකරණ ලබාදීම සඳහා වැඩසටහනක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේදී පැවැත්වුණා. මේ සදහා චින්තක කීර්තිසිංහ මහතා, මානව සම්පත් කළමනාකරු පියල් සමරසිංහ මහතා සහ සේවක සභාවේ සභාපතිතුමිය සහ ලේකම්තුමියද සහභාගී වුණා.

Facebook
Facebook