අලුත ගෙනා කුල දියණි

ඉස්සර නුඹෙ තුරුලෙම උන් දඟකාරි
පතිනිය වෙලා යුතුකම් ළඟ වී බාරි
දුක සැප ළඟදි හිත සවිබල වී නෑරි
නුඹගෙම මගේ යමි ඉටුකරමින් කාරි

ඉස්සර සේම ගෙදර වැඩ ළඟ දක්ෂයි කෙල්ල
දැන් නොපැකිලව කඩිසර වී ඇති කෙල්ල
අම්මේ දැක්කොතින් පුදුමයි සැනසිල්ල
අම්මේ සත්තයි ගැටෙනවා නුඹගෙ කම්මුල අල්ල

වැස්සට ගුලි වෙලා සැනසී නිදියන්න
ඉස්සර වගේ ඇඳ උඩතේ එක බොන්න
දැන් නෑ වෙලාවක් අම්මේ අහගන්න
යන එන ගමන් බොමි එතරම් වැඩ ගොන්න

ඉස්සර වාගේම පිළිවෙල ගෙදර දොරේ
හොඳ හැටි දනිමි වැටහෙයි දැන් නුඹගෙ ගුණේ
අස්කර උයා රෙදි සෝදන අතරතුරේ
අම්මේ තවම නුඹේ තුරුලත සුවය දැනේ

ඉස්සර නුඹගෙන් දුටු වෙස් ගත් බිරිය ලෙස
නිතරම සිතමි යමි නුඹගෙම මගෙහි මම
අම්මේ ඇවිත් ඉඳහිට මා තුරුළු කර
ඉස්සර වගේ හිස සෙනෙහෙන් සිඹිනවද

ගේ දොර වැඩ ඉගෙන ගන්න කියා මට
ඇහුවේ නෑ බැනුම් මම නුඹගෙන් කිසිම දින
වෙන ගෙදරකට පතිනිය වී යන දාක
කරනෙමි අම්මෙ ඉටුවිය යුතු යුතුකම් ගොන්න

යන තැන හිත දිනා හැමගෙම ඉන්න
හැකිවෙයි අම්මෙ ඉන්නට මට හැමදාම
පතිවත රකිමින් ඉටුකරමින් යුතුකම් ගොන්න
රකිනෙමි අම්මෙ ඔබෙ හොඳ නම හැමදාම

සෙව්වන්දි
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook