ජීවිතය

විෂම වූ ලෝකයක වෙනස්වන ලෝකයක
ඉපදී මේ කටුක ජීවිතයක
සරණට මල් පිපුණු වසන්තයක
තවමත් සොයනවා කුමක්දැයි ජීවිතය…

හීන් සීරුවට හිඳගෙන අහෝ කල්පනාවක සිත ඔහේ දුවනකොට
විටෙක සැප දෙන විට, දුක දෙන
අවසාන ඉරණම කුමක්දැයි සොයමි මම…

පුංචි පුංචියට හිත අස්සට වෙලා තියෙන හීන ගෙත්තම්
නැවත සිහි වෙනකොට සැබෑ කරගන්නට වෙර දරන තරම් දනිමි,
මේ සිත කය සියල්ල සිතන පරිදිම සිදු නොවේවි නොඅනුමානය.
ආසා කරන ප්‍රේමය හදවත වැළඳ ගත්තද
විටෙක හදවත සතුටු කරවන, විටෙක හදවත විරහ කරවන
ප්‍රේමය නම් නොසන්සුන්මය.

දිවා රෑ වෙහෙසමින්
බාධක අපමණ සැරි සරන්නේනම
කටුක රැකියා කරන්නේම
ජීවිතය ගැට ගසා ගන්නට නොවන්නේද?

රඟ දක්වන චිත්‍රපටියක
සැබෑම චරිත රඟ දක්වන “ජීවිතය” නම් චිත්‍රපටය
රැඟුම් කරුවන් අපම නොවන්නේද?
අවසානය කුමක් වූවත් අවසාන ඉරණම,
නැතිවීම නම් පදනම ජීවිතය වන්නේය..

චාමලී ඉදුනිල්
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook