එදා වාගෙම අදත්

එදා වාගෙම අදත්
මඳ පවන හමනවා
මල් වැටුණු ගුරු පාර
තවම මග බලනවා…
පාට නැති සිහින පොදි
කළුවරේ මැකෙනවා
සඳ නොමැති රැය පුරා
කඳුළ දුක නිවනවා…
හදේ සිව්කොණ පුරා
වැට කඩොලු බඳිනවා
ගස කපා වෙන් කළත්
මුල් තවම වැඩෙනවා…

තුෂාරි ද සිල්වා
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook
Facebook