පතිනිය

මල් මුරයට මල් කඩන්න
යන්න එපා ගඟ මැද්දට
මම එන්නම් මල් අරගෙන
ගම අයිනේ පොකුණ ළඟට
කිරි වෙහෙරට මල් පුදන්න
ගියදා මම අම්මා එක්ක
හදිසියෙන් නෙත ගැටුණා
හුරතල් නුඹෙ ළපටි මූණ
සුදු පැහැයට හුරු නුඹෙ වත
කිරි වෙහෙරක් සේ බබළන
එනවද නුඹ අම්මා එක්ක
පතිනිය වී ගෙදර යන්න

ලක්මාලි
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook
Facebook