පිය මහ රජු

හිරු කිරණ විලසින
දිවි මග එකලු කොට
රන් ඩා බිඳු හෙළා
මගෙ දිවිය සරු කළා
පැහැබර හෙට දිනෙක
පෙර නිමිති දකිමින්
සුබ සිහින දුටුවා ඔබ
මා දිනෙන් දින
ඔබ දුන් බව දනිත්
නැණ මඬල පුළුල් කොට
දිනන්නෙමි දිවිය මගෙ
ඔබෙ සිහින සැබෑ කොට
ජීවිතය ජය ගන්න
වෙර දරන්නෙමි
දයාබර පියාණෙනි

W. S. ජානකී
බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook
Facebook