සුන්දර උදෑසන

රන් හිරු කිරණ විහිදයි මුළු ගුවන් තලේ
ඒ හිරු කිරණ සිපගෙන මේ මිහි මඬලේ
මිණි කැට වගෙයි පිනි කැට ටික එළිය කළේ
සුන්දර උදෑසන ආ බව ඉඟිය කළේ

විහඟුන් ගීත නද ඇසුණා තුරු අතරේ
පිපි මල් සුවඳ මඳ නළ ගෙන එන අතරේ
එලුවා වගෙයි සුදු සේලය කඳු පතරේ
මීදුම් වළා නැගුණා ඒ කඳු අතරේ

සුදු පාටින් ඇඳුණේ දෙවටෙහි පොඩි පැටවුන්
පාසල වෙතයි අකුරට යන හනි හනිකෙන්
දෙනුවන් පිනවනා ලස්සන මේ දසුනින්
ඇරඹුම අරන් එයි දවසේ උදෑසනින්

නිලන්ති චන්ද්‍රිකා
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook
Facebook