යළි උපන් පිය සෙනෙහස

කතා කරන ඔය ඇස් වල කිමිදෙන්න
හිනා වෙවී උරහිස මත දැවටෙන්න
තෙරක් නොමැති ආදර බස් මුමුණන්න
තවත් පමා ඇයි අප අපගෙම වෙන්න

සඳක් වෙලා මගෙ අහසට පායාපූ
සතුට වෙලා දුක් කඳුළැලි පිසදාපූ
පමණ නොදැන ආදරයෙන් සනසාපූ
පියා වගෙයි මට නුඹ පණ මෙන් රැකපූ

නිශූ
(H. M. Y.නිසංසලා හේරත්)
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook
Facebook