ඉකි ගසා හඬන්නට ඇවැසි මුත් සිනාසෙන…
ඒ අතර විටින් විට කැස්ස හැදි හති අරින…
ඉරි තැළුණු යටි දෙපා පොල්තෙලින් පිරි මදින…
මන්ද ඇත් රැජිනියේ නුඹ ඇඳට වී මෙලෙස…
හීනි ඇස් යන්තමට කඳුළකින් තෙත පුරන…
හීනයක පවා ඈ දරුවනට සෙත් පතන…
අඬහැරය වී ලොවට මගෙ ගමන එළි කරන…
අම්මෙ නුඹ බුදුවෙයන් කල් නොගෙන අද හෙටම…
සෙනේ විල කලතමින් ඉඩෝරෙක ගිනි නිවන…
බැරිම තැන වැස්ස වී දරුවනගෙ සිත් හදන…
යදින හුස්මක පවා දරු සෙනේ මුසු කරන …
අම්මලා රැක දියන් දෙවියනේ ගෙන පඬුර…
රිදෙන විට අත් දෙපා දෙවියනේ මෙහි එන්න…
අනෝතත් විලෙන් හරි පැන් පොදක් ගෙන එන්න…
අපේ අම්මට එපා කිසි විටක දුක් දෙන්න…
දෙවියනේ මෙහි ඇවිත් අම්මාව රැක දෙන්න…
මට එපා කිසි දෙයක් ඈට ඒ හැම දෙන්න…
මං කරපු පිං ඇතොත් ඒ සැවොම අරගන්න…
හිලව්වවට මදි වෙතොත් බෝධියක් නාවන්න…
අනේ පිං සිද්ද වෙයි අම්ම මට රැකදෙන්න…
සුරංජි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය