වසන්තය දැන් ළඟයි මැණික

බිඳී විසිරී ගියත් හදවත
හිරකරන් මහමේරු දුකක
හිනාවෙන හැටි හරිම පුදුමයි
සිසිල ඇයි මේ දැවෙන හිතක
ඇවිළිලා යන මේ ඉඩෝරය
ගෙවී යනකම් බලා හනික
පුරුදු තාලෙන් බලාගෙන ඉමු
වසන්තය දැන් ළඟයි මැණික

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook