රිදෙනවද ඔතරම්

පාළුවට පෙරළුවත්  මතක පොත් ආයේ…
පරවෙච්චි මල් කෝම පූදින්නෙ රහසේ…
නිවීගන යන්න පෙර තරු හුඟක් අහසේ…
කඩාගන වැටෙන හැටි සඳ නැතිද දැක්කේ…

මවාගන රළු වෙච්චි වැහි ගේන අහස…
වත මඩල මං දුටිමි අඩ නෙතින් නිතර…
ගැටලමින් මුහුදකට පටලන්න අහස …
ඔය තරම් රිදෙනවද නුඹට මගෙ මැණික…

ගැබ්බරම නෙත් කෙවෙනි රූටන්න කලියෙන්…
මුව මඬල සරසන්නෙ බොරු හිනා මඬලෙන්…
මං දන්න නුඹ ගැනම නුඹට පෙර රහසින්…
සිත සොරාගත් ඇයද යන්න ගියෙ කලියෙන්…

සුරංජි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook