ඒ සොඳුරු දවස

සුන්දර මතක ළඟ නැවතුණ මගේ හිත
හිමිහිට මිමිණුව
මෙන්න මෙහෙම
පුළුවන්ද තව එක දවසක්
එක්කගෙන යන්න
ඒ සුන්දර මිනිස්සු ඉන්න කොදෙව්වට
හිතාගන්න බෑ හිත
මේ මොනවද කියන්නේ කියලා
සුවඳ හමන පුංචි මල් කැකුළු
ඒ සුවඳට ආදරය කළා
පුංචි පැංචාන්ගේ මූණේ තිබුණු හිනාව දකින්නයි මං ආස කළේ…
ඉතිං කියන්න මට කවදද
ආයෙමත් ඒ දවස උදා වෙන්නේ
මම ගොඩක් ආදරෙයි ඒ දවසට…

ආර්. බී.

Facebook
Facebook