වෙනසින් වෙනස් වී සාර්ථක වෙමු

වෙනස් වන ලෝකයේ වෙනස් නොවී තියෙන එකම දේ තමයි වෙනස් වීම කියන්නෙ. එහෙම වෙන වෙනස් වීම් අතරේ ඩිජිටල්කරණය කියන්නෙත් තවත් එක වෙනස් වීමක්.

මේ ඩිජිටල්කරණයත් එක්ක සිදුවෙන සිදුවීම් ගොඩක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඒ වෙනස් වීම් වලින් පැනලා යන්නෙ නැතුව, ඒ සිදුවීම්  ඇත්තටම අපේ සාර්ථකත්වයට යොදා ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද?

අපි ඉස්සෙල්ලම බලමු ජීවිතයේ සිදුවන වෙනස්වීම් වර්ග. ඒ වගේ වෙනස්වීම් හුඟාක් තිබුණට මේ වෙනස් වීම් වර්ග දෙකකට බෙදන්න පුළුවන්.

ඒ, අප තුළ සිදුවන වෙනස්වීම් වගේම අප වටා සිදුවන වෙනස්වීම් විදියට.

අපි හැමෝම දැනගන්න ඕනි මේ වෙනස්වීම් වලින් පැනලා යන්නෙ නැතුව, ඒවට විරුද්ධ  වෙන්නෙ නැතුව ඒවා කළමණාකරණය කරගන්න පුළුවන් බව.

එහෙම කළමණාකරණය කරගත්තාම අපට පුළුවන් වෙනවා පීඩනයක්, ආතතියක් නැතිව, අපේ ජීවිත එකම රාමුවකට කොටු වෙන්න ඉඩ තියන්නැතුව  හොඳ විවිධත්වයක් තියෙන යහපත්  ජීවිතයක් ගත කරන්න.

ඒ නිසා නව තාක්ෂණය එක්ක මේ සිද්ධ වෙන වෙනස්වීම් එක්කත් අපේ ජීවිතය කළමණාකරණය කරගන්න එක අනිවාර්‍යයි. එහෙම කළමණාකරණය කරගන්න එකෙන් අපිට සැහැල්ලු ජීවන රටාවක් පවත්වා ගන්නත් පුළුවන්කමක් ලැබෙනවා.