පණ නළ රැකි බ්‍රැන්ඩික්ස්

ගතට සවියක් නැතිව
හිතත් ලෙඩ වූ දිනක
රෝහලේ නතර වී
තනිව ඉකිබින්දදා…

රෝගයත් වැඩි වෙලා
රුධිරයත් අඩුවෙලා
මගේ ප්‍රිය පෙම්බරිය
තනිවෙලා හැඬුවදා…

‘ඕ නෙගටිව් රුධිර පයින්ට්
දෙක තුනක්ම ඕන වෙනවා
හොයාගන්න පුළුවන් දැයි
ලොකු උන්නැහේ මට කියන්න…’

‘ලේසි පහසු වැඩක් නෙමෙයි
ඒ උනාට මට පුළුවන්…’

මගෙ නංගිගේ දෝණි පොඩ්ඩ
බ්‍රැන්ඩික්ස්  වල වැඩ කරන්නේ
එහේ නොවෑ ලේ දන් දෙන
වැඩි පිරිසක් වැඩ කරන්නේ….

පැයක් දෙකක් අතරතුරේ
දරුවන් ටිකක් ආවා මෙහේ
ඒ දරුවන්ගේ පිහිටෙන්
මගෙ පණ නළ රැකුනේ අනේ…

Facebook
Facebook