දැයේ ජල සත්කාරයට මනුසත්කාරයෙන්

ලෝකයේ ජීවය පවත්වාගෙන යන්නට ප්‍රධානම අවශ්‍යතාවයක් විදියට ජල සම්පත අපිට හඳුනා ගන්න පුලුවන්. මේ මිළ කළ නොහැකි අගනා ජල සම්පතෙන් මිනිසාට භාවිත කරන්නට හැකි ප්‍රමාණය 1%ක් වැනි ඉතාමත් සුලු ප්‍රමාණයක්. ඉතින් මෙවැනි වටිනා ජල සම්පත ආරක්ෂා කිරීම අපි හැමෝගෙම යුතුකමක්. මේ යුතුකම ගැන වඩාත් හොඳින් අවබෝධ කරගත් බ්‍රැන්ඩික්ස් අපි ලංකාවේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පිරිසිදු ජලය සැපයීම සඳහා ඇප කැප වෙලා කටයුතු කරන්න හැම උත්සාහයක්ම දරනවා. එහි ප්‍රතිපලයක් විදියට තමයි ජල ව්‍යාපෘති 4300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් රටට දායාද කරන්නට බ්‍රැන්ඩික්ස් අපි සමත් වෙලා තියෙන්නේ. ඒ ව්‍යාපෘති නිසා ප්‍රතිලාභ ලබන පුද්ගලයින් ගණන 30, 000 ක් පමණ වනවා. ඒ වගේම බ්‍රැන්ඩික්ස් අපි විසින් නිර්මාණය කළ ජල ගම්මාන ව්‍යාපෘති ගණනින් 360කට වැඩියි. මේ ගම්මානවලින් ප්‍රතිලාභ ලබන පිරිසත් ආසන්න වශයෙන් ලක්ෂ තුනකටත් වඩා වැඩි අගයක් ගන්නවා.

පිබිදුනු දැයක් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට රිදීගම සහ පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ආයතන විසින් පානීය ජල ව්‍යාපෘති ආරම්භ කර ඒවා ජනතාව වෙත පසුගිය සතියේ බාර දෙනු ලැබුවා. බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය විසින් කන්සරමන් එස්. එල් ආයතනය සමඟ එකතු වෙලා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට සමගාමීව බුලුවල මහා විද්‍යාලයේ සහ රිදී විහාර මහා විද්‍යාලයේ දූ දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම්වලටත්, පානීය ජල අවශ්‍යතාව වෙනුවෙනුත් ජල ව්‍යාපෘතියක් සිසු අයිතියට පත් කළා. ඒ වගේම බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව ආයතනයෙන් ගිරිතලේ හා පොළොන්නරුව සාමාජික පවුල් 08ක් සඳහා වැසි ජල ව්‍යාපෘති ලබාදුන් අතර ප්‍රජා වැසි ජල ව්‍යාපෘතියක් හරහා පවුල් 12ක් සඳහා ප්‍රතිලාභ ලබා දුන්නා. බ්‍රැන්ඩික්ස් දැය පුබුදන මනුසත්කාර වැඩසටහනේ තවත් එක් පියවරක් බ්‍රැන්ඩික්ස් රිදීගම සහ පොලොන්නරුව ආයතන වෙතින් මෙලෙස දැයට එක්කරනු ලබනවා.

Facebook
Facebook