අහිමි සඳවත

මහ රුකක් සේ සෙවන දුන්නු නුඹ  ගැන කියමි..
ජීවිතේ යම්  දිනක ප්‍රේමයට පෙම් කලෙමි..
අහිමි සඳවත ළඟින් තරුවක්ව බැස ගියෙමි..
අහසක්ව නුඹ තවම මා රකින හැටි දුටිමි…

රිදවන්න හැකි උනත් නොරිදවන බව දනිමි …
සිසිල් සුළඟක් වගෙයි  නුඹ මටම හිමි අහිමි..
බැස ගියපු පසුවටත් සඳට  අහසක්  අයිති ..
කෙදින හෝ නුඹ මටම හිමි වෙන්න මං පතමි…

සුරංජි

Facebook
Facebook