
උඹට තව ඇති නැද්ද නැවතියන් කොරෝනා
උඹට තව ඇති නැද්ද නැවතියන් කොරෝනා දුප්පත් ද පොහොසත් ද කිසි දෙයක් නොබලනා පරිස්සම් නොමැති තැන ඉක්මනින් වැළඳෙනා දහසකුත් මිනිස් දිවි අකාලේ පරවුණා කරන්නට දෙයක්

උඹට තව ඇති නැද්ද නැවතියන් කොරෝනා දුප්පත් ද පොහොසත් ද කිසි දෙයක් නොබලනා පරිස්සම් නොමැති තැන ඉක්මනින් වැළඳෙනා දහසකුත් මිනිස් දිවි අකාලේ පරවුණා කරන්නට දෙයක්

අවදිවිය… මසැසින් නොව මනසින් කාලවර්ණ විය මිහිකත ගොම්මනක් විය මුල් සසර සෑම දනන්… පියවි ඇසින්… නික්මුනි සදහටම ‘අහෝ’ කියන්නට දෝ ‘අපොයි’ කියන්නට දෝ නොහැඟේ මා

ආදරෙයි අම්මේ කුමටද කවි කම් ලියනු බැරි නම් එකඳු වඳනක් ඔබ නමින් සදා සෙනෙහෙන් රැඳෙනු මා ළඟ ඔබයි මගේ පණ අම්මේ ශාන්ති Share on facebook

වදිමි මම හිස නමා දස මස කුස දරා – මා හැදු මගේ අම්මා අත් නොහරිමි සදා – මගෙ දිවි ඇති තුරා ලේ කිරි

මව්පිය සෙනෙහස දස මසක් පුරා කුසේ දරා ආලෝකය මට පෙන්වූ ලෙයින් කිරත් වෙන් කරවා මගේ කුස ගිනි නිවපූ ගිනි ගොඩක් හිතේ හිර කරගෙන මට

මිණි පහනයි අම්මා පවන් රොදකි ගත දැවටෙන හඳ සිසිලකි අම්මා අඳුර දුරැර සහන් එළිය මට දුන් මගෙ අම්මා පායන හිරු සඳු කැටිකර මා නැලවූ

ආදරේ නැළවිල්ල අම්මා ! හිරුට පෙර නෙතු පියන් ඇර හිරු කිරණ අතරින් සිනාසී කිරට හඬන දරු පැටව් සතපවා ලෙය කිරි කර නිසි ගතට වෙහෙසක් දැනුණ’මුත්

ආලෝකයේ උල්පත පාට සරුංගල් මල් පෙති සිහින දැකපු අම්මා කුසේ දැරූ බිලිඳු රුවට ජීවය දුන් අම්මා ආහාර අරුචි වී අකැපව ගිලන් වූවත් අම්මා හැම දුක්

කුසගින්න නොදත් ගැහැනිය සීනි මුල තියෙද්දිත් කහට බොන අම්මා රස්නේ බත උයද්දිත් හීලි බත කන අම්මා හාල් අඩු දවසටම බඩගිනි නොඑන අම්මා දැලි ගවුමටම පෙම්

ආදර මගේ පියාණනි! පවසමි තාත්තේ ඔබ ගැන මා දුටු ගුණ සුවඳ පොඩි අවධියේදී අප රැක ගත් හැටි පුදුම දහඩිය මුගුරු වැඟිරෙමින් මුළු ඇඟ පතඟ වෙහෙස

ගෙදර බුදුන් අම්මා දස මස කුස තුළ දරලා මා බිහි කළ අම්මා සිරුරෙහි ලේ කිරි කරවා මා කුස පිරවූ අම්මා සැම සැපතම මට ගෙන දුන්

දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න… එකිනෙකාට ගරු කරන්නේ මනුස්සකම දන්න අයයි….ගරු කිරීම දන්නේ අපේ සමාජයේ බොහොම ටිකයි….නැති බැරි අය ඇති හැකි

ගුරුවරුත් දෙවිවරු හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා වැඳපූ කිරි කොක්කු රෑනක් වගේ විත් කඩ කඩා

නුහුරු සෙයිලමේ මඟ වැරදුණු යුවතිය “තුනුරුවනේ සරණයි පුතේ මගේ” මවුපියන් සෙනෙහසින් පැතුවාඉගෙන ගෙන දිවියම දිනන්නට සිහිනෙනුත් ඈ නිතර සිතුවාසිනිඳු වුණ අතැඟිලි හැඩට පොත පුරාවට මුතු

අතරමං වුණු මිනිස්සු ලියා අවසන් මතක පොත් ඇත පිස දමා යළි ඇවිස්සූ හොයනවා තවමත් ඇතැම් පිටු ගිනි තියා නුඹ පිලිස්සූ වේදනා හිත යට දරාගෙන අනේ

සාරධර්ම සාඩම්බර ලෙසින් සේවයේ නිරත වන රටට ශ්‍රමය කැප කර මව්බිම රකින දහමට අනුව දිවි පෙවෙතක් ගත කරන සෘද්ධි බලෙන් දෙවියනි රට රැකගන්න මව්බිම අපේ

සුකොමළ බිරිඳ හිමිදිරියේ නැගිට දැක්කෝතින් හරිම අගේපෙම්බරයි සුකොමළයි ඇය නළඟනක් වගේපුන්සඳ පෑයුවා වාගෙයි මූණ ඇගේවෙන කවුරුන්ද ඒ සුන්දර බිරිඳ මගේ ඇහිබැමි අඩකවය වාගේ සකස් කරනා

ඉවසිය හැකි ද තව? තැළුම් පිට පිට පහර වැදුණමනිල්වෙලා පිට මැද්දෙ කැළැලිඅගින් අල්ලන් ඇදන් යන කොටගැලවිලා ගියේ කොණ්ඩ කැරලිරෑ පාන්දර අරින ඇස් දෙකදහවලෙත් ටික ටිකෙන් මැලවීඅනේ වැනි

සුරකිමු පුංචි මල් කැකුළු මහ රෑට මොර දෙන ලේනියේ අසාපන් පියාඹා ගොසින් අර උඩ අත්තේ වසාපන් හීන් ඇස් යන්තමට බොර කරලා බලාපන් ලෝකයක් මොර දෙනවා තව තවත් හඬාපන් නිසල දිය

ගැහැනු වහං කරගෙන හැඟුම් පොකුරක් නාඬා ඉන්නේ බැරිම හින්දා අතීතේ අපේ ආදරේ ගැන ඇස්වහක් වැදුණා ද මන්දා කියාගන්නට බැරිම තැනටම මේ හිතත් අසරණම කරලා හරි

ලිප් ගල් තුන උඩ බත් මුට්ටිය හිස් තැනක් නොතියාම හීනා වුණ අතීතෙක ඉකිබිඳුම් සමරන්න අවැසි නෑ කිසිදාක රෝහලක පොඩි ඇඳක වැතිර ගිය මහ කිතුල නුඹ