රනින් පුද ලද රත්මලානේ අබිමන

පරිසර හිතකාමී බවත් සමග ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් පවුලේ තවත් ආයතනයක ගැන කතාවයි මෙවර වියමන් TV ආයතනයක කතාවක් වැඩසටහන තුළින් අපි ඔයාලාට තොරතුරු ගෙන එන්නේ.

පරිසර හිතකාමී බව නිසාම රනින් පුද ලද බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනයයි අපි මෙවර තෝරාගත්තේ…

මේ ආයතනය 2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් ඇක්ටිව් වෙයා නමින් ආරම්භ වී පසුව බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් ලෙස නාමකරණය වුණා.

බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනය තමයි බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් පර්ෂදයේ ප්‍රධාන කාර්යාලය විදියට කටයුතු කරන්නේ.

බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනය කියන්නේ සුවිශේෂ ජයග්‍රහණ ලබා ගෙන බ්‍රැන්ඩික්ස් සමූහයේ අභිමානය තවත් වැඩි කළ ආයතනයක්. 2009 වර්ෂයේදී ලීඩ් රන් සම්මානය දිනා ගන්න මේ ආයතනයට පුළුවන් වුණා. එක්සත් ජනපදයේ හරිත ගොඩනැගිලි කවුන්සලයේ හරිත ඇගයුම් පද්ධතිය වෙතින් ලීඩ් රන් සම්මානය හිමි කරගත් ශ්‍රී ලංකාවේ පළමු වාණිජ ගොඩනැගිල්ල වෙන්නේ බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනයයි. පාරිසරික තිරසර බව වෙනුවෙන් කළ අගනා මෙහෙවර වෙනුවෙන් තමයි මේ ආයතනයට ඒ විදියේ වටිනාකමක් ලැබුණේ.

නවීන තාක්ෂණය ද භාවිත කරමින් තිරසර සංවර්ධනයට සහය දෙමින් කටයුතු කරන ආයතනයක් විදියට මේ ආයතනය හඳුන්වන්න පුළුවන්. බ්‍රැන්ඩික්ස් සමූහයේ මේ වර්ෂයේ ඉලක්කයක් වන කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ අරමුණ වෙනුවෙන් ද මේ ආයතනය කැප වී කටයුතු කරනවා.

සාමාන්‍යයෙන් නිෂ්පාදන කටයුතු මේ ආයතනය තුළ සිදු වෙන්නේ නැහැ. නමුත් ගැනුම්කරුවන්ගෙන් ඇණවුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය සාම්පල් නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ මේ ආයතනය තුළයි. සාමාජික සාමාජිකාවන් 200ක් පමණ බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනයේ සේවය කරනවා.

ලස්සන හෙට දවසක් වෙනුවෙන් පරිසර හිතකාමී ගමනක යන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනයට දිනෙන් දින දියුණු වීමට හැකි වේවා යනු වියමන් අපගේ පැතුමයි!