කුසලතා පිරි හෙටකට SEED

රැකියාවක් කරන ඕනම කෙනෙක් කැමතියි තමන්ගේ රැකියාවෙන් පුළුවන් තරම් ඉහළට යන්න. ඒකට අපි අපේ කුසලතා වගේම දැනුම තවත් වැඩි කරගන්න ඕන. ඒකට හොඳ අවස්ථාවක් බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ කාර්ය මණ්ඩල නිලධාරීන්ට පසුගිය දා හිමි වුණා. ඒ පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වුණේ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ කුසලතා වර්ධනය කිරීමයි.

බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ මානව සම්පත් අංශය විසින් හඳුන්වා දෙන ලද මේ පුහුණු පාඨමාලාව SEED (Skill Enhancement & Employee Development) නමින් නම් කරලා තියෙනවා. සන්නිවේදනය, ගැටලු නිරාකරණය, කාල කළමනාකරණය, නායකත්වය, කණ්ඩායම් කළමනාකරණය, නිර්මාණාත්මක හැකියාව සහ ඉදිරිපත් කිරීමේ කුසලතා යන අංශ වර්ධනය කරන්න අවශ්‍ය හොඳ පුහුණුවක් මේ පාඨමාලාව ඔස්සේ ලබා දෙන්නට බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය කටයුතු කරලා තියෙනවා.

මේ පාඨමාලාවට සම්පත් දායකත්වය ලබා දෙන්න ආයතනයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර ප්‍රියංක වීරසිංහ මහතා, සහකාර කළමනාකාරිනී සුබක්ති දේවගේ මහත්මිය සහ සහකාර කළමනාකාර කපිල හේවගේ මහතා කටයුතු කළා. කුසලතාවන්ගෙන් පිරි හෙට දවසක් වෙනුවෙන් පිදෙන මෙවන් පාඨමාලාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් උසස් තත්ත්වයකට ගෙන එන්න ඔබ සියලු දෙනාටම හැකියාව ලැබේවා කියා වියමන් අපි ප්‍රාර්ථනා කරනවා.