පරිසරයේ හදගැස්මට සවන් දෙමු

සොබාදහමත් මිනිසාත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධයක්. මිනිසා ඇතුළුව සියලු සතුන් සිය වාසස්ථාන, ආහාරපාන ඇතුළු සියලු දේ සොබාදහමෙන් ලබා ගන්නවා. නමුත් අපි සොබාදහම වෙනුවෙන් ලබා දෙන්නේ මොනවා ද කියන එක ලෝක පරිසර දිනය වුණ අද දිනයේ අපිට හිතන්න ඉතිරිවෙලා තියෙනවා.

අද වන විට පාරිසරික ගැටලු රාශියකට ලෝකය මුහුණ දී තිබෙනවා. ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේ පරිසරයට එකතු වීමෙන් සිදු වන්නේ විශාල හානියක්. ඒවා දිරාපත් වෙන්න ඉතා අධික කාලයක් ගත වන නිසා ඉන් පරිසරයට වන හානිය අතිමහත්. ඒ වගේම කර්මාන්තශාලාවලින් සහ නිවාසවලින් මුදාහරින අපද්‍රව්‍ය ගංගා වැනි ජල මූලාශ්‍රවලට එක්වීමෙන් ජල දූෂණයත්, කර්මාන්තශාලාවලින් නිකුත්වන අහිතකර දුම් හේතුවෙන් වායු දූෂණයත් සිදු වන බව ඔයාලා දන්නවා. මේ ගැටලු එක්ක පරිසර දූෂණය උග්‍ර අතට හැරුණත් තනි තනි පුද්ගලයෝ විදියට අපිට පුළුවන් පරිසරය වෙනුවෙන් යමක් කරන්න.

බ්‍රැන්ඩික්ස් ආයතනවල සේවය කරන ඔයාලා දන්නවා මේ වෙනකොටත් පරිසරයේ හෙට දවස වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් ලබා දෙන දායකත්වය මොන තරම් ද කියන එක. රුක් රෝපණ වැඩසටහන්, කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ වැඩපිළිවෙළ, පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් පරිසර දූෂණය අවම කිරීමට දායක වීම වගේ විශාල වැඩ කොටසක් පරිසරය වෙනුවෙන් කරන්න බ්‍රැන්ඩික්ස් සමූහය වසර ගණනාවක සිට කටයුතු කරනවා. හරිත තිරසර ව්‍යාපෘති මගින් පරිසරයේ හදගැස්ම රිද්මයානුකූලව පවත්වාගන්න බ්‍රැන්ඩික්ස් දායකත්වය දෙනවා වගේම බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජික සාමාජිකාවන් වුණ ඔයාලත් හැකි මට්ටමින් පරිසරය සුරකින්න උපරිම දායකත්වය ලබා දෙන්න. අපි වෙනුවෙන් වගේම අනාගත දරු පරපුර වෙනුවෙන් වඩාත් සුවදායී තැනක් බවට මේ ලෝකය පත් කරමු.