“නිකං බෙදන කොකෝ, අපි කෑවම මොකෝ”
මේ වන විට යූටියුබ් අවකාශයේ සිංහල ගීත ඉතාම ජනප්‍රියත්වයකට පත් වෙලා තියන”මල කඩ කඩ පාරේ ආවේ” රැප් එක. ඒ වගේම මේ වගේ නව ආරේ ගීත බොහොමයක කියවෙන නමක් තියනවා. ඒ තමයි කයිසර් කයිස්. කයිසර්ගේ තියන අපූරු සිංහල රැප් ශෛලිය නිසාම බොහෝමයක් ගීත ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. මේ නිසාම අපි හිතුවා කයිස් එක්ක ටිකක් කතා කරන්න.
කයිසර් කයිස් කියන්නේ මම හදාගත්ත නමක්. මගේ අම්මා තාත්තා දාපු නම තමයි අමිල රුවන්ගේ කියන එක.
මම මේ ෆීල්ඩ් එකට එනකොට සෙන්ටිග්‍රේඩ් එකේ අමිල හිටියා. ඉතිං මම හිතුවා අමිලලා දෙන්නෙක් ඉන්න කොට පැටලෙනවානේ. ඒ නිසා “කේසර” කියන නම දාගත්තා. කේසර කියන එක පස්සේ කාලෙදී කයිසර් කයිස් වුනා.
මම පොඩි කාලේ ඉඳන් මියුසික් වලට ආසයි. ලංකාවේ පොඩ්ඩක් රැප් සීන් එක නැගලා ආවා 2004 දී විතර. ඒ කාලේ තමයි මමත් රැප් කරන්න පටන් ගත්තේ. නුවර තිබුන රැප් කම්පිටිෂන් වලට සහභාගී වෙලා, 2009 දී විතර කොළඹ හිටියා නොටී කෝස් කියලා කෲ එකක්. එයාලගෙන් ඉරාජ්ව හමුවුණා. ඉරාජ් එක්ක සිංදු ගොඩක් කරලා දැන් ඒ ගමන දිගටම කරගෙන යනවා.
ඇත්තටම මේක ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්, රැපර්ගේ වචන ටික කියන එක්කෙනාම තමයි ලියන්නේ. සමහර අය මං ළඟට ඇවිත් කියනවා, “මට රැප් කියන්න පුළුවන්, නමුත් ලියන්න බෑ කියලා.” ඉතිං මම කියනවා “එහෙමනම් මල්ලී රැප් කරන එක බොරු වැඩක් ” කියලා. තමන් කියන රැප් එක ලිවීමේ හැකියාව අනිවාර්යයෙන්ම රැපර් කෙනෙක්ට තියෙන්නම ඕනේ සුදුසුකමක්.
මම පටන් ගත්තේ ඉංග්‍රීසියෙන් රැප් කරලා. ඒවා නම් ලොකුවට මතක නෑ. සිංහලෙන් ඉස්සෙල්ලාම සිංදුවකට රැප් එකක් ලිව්වේ 2006 දී. රාං කිරිල්ලී කියන සිංදුවට. මුල් ටික මතකයි, “මගේ හෘදෙ ගිනි ගන්නවා වගෙයි, ඇඟ පුරාම ගිනි දැල් නැගෙනවා වගෙයි.”
අපි උදාහරණයකට ගමු දිනේෂ්ගෙ සිංදුවක්. මම මුලින්ම දිනේෂ්ගෙන් පොඩි අයිඩියා එකක් ගන්නවා. ඊට පස්සේ ඒ සිංදුවේ පද රචනය ලියපු මනුරංග අයියාගෙන් අදහස් ගන්නවා. ඒ ඔක්කොම එකතු කරලා තමයි මම රැප් එක ලියන්නේ.
මම හැමතිස්සෙම ලියනවා. පොඩි කාලේ ස්කවුටින් කරන කොට එවායේ තියන ක්‍රියාකාරකම් එක්ක අපේ සබකෝලය නැති වෙලා ගියා. ඊට පස්සේ අපි කතාවටත් දක්ෂ වෙනවා. විහිළුවට බර වෙනවා. ඒ හැමදෙයක්ම එක්ක ජිවිතයේ අත්දැකීම් එකතු කරගෙන තමයි මේවා ලියන්න පුරුදු වුණේ. අනික මගේ අම්මා සහ තාත්තා දෙන්නම රැකියා කරපු අය. ඒ දෙන්නා හවසට ගෙදර එනකම් මමයි අයියයි විතරයි ගෙදර. එයා කම්පියුටර් පැත්තට බර වුණා, මම ලියන්නයි චිත්‍ර අදින්නයි පුරුදු වුණා. දැන් නම් යාළුවෝ එක්ක කතා කරන කොට කියවෙන වචන එක්ක ඔය රයිම් වෙන වචන මම මතක තියා ගන්නවා. මගේ අලුත්ම රැප් එකේ තියන “නිකං බෙදන කොකෝ, අපි කෑවම මොකෝ” ඒ විදිහට ආව වචන සෙට් එකක්. ඉතිං මං හිතනවා මගේ යාළුවෝ සෙට් එක වගේම සෙට් එකක් තමයි මේ සිංදු අහන අයටත් ඉන්නේ. ඉතිං මම ඒ ක්‍රවුඩ් එකට සෙට් වෙන විදිහට ලියනවා. මට දැනෙනවා මම ලියන දේවල් යූත් එකට දැනෙන නිසා තමයි එයාලා වැඩි දෙනෙක් මගේ රැප් වලට කැමති.
මට එහෙම කියන්න බෑ. සිංහල රැප් කරන තව ආටිස්ට්ලා හුඟක් ඉන්නවා. නමුත් සිංහල රැප් ටීවි එකට, රේඩියෝ එකට, පිටරට ෂෝ වලට ගෙනියන්න මම හිතනවා මගෙනුත් දායකත්වයක් ලැබුණා කියලා.
මගේ රෝල් මොඩල් එක කවුද කියලා ඇහුවොත් මම කියන නම තමයි එමිනම්.
තාත්තා රජයේ සේවකයෙක්, අම්මත් පෞද්ගලික අංශයේ සේවිකාවක්. දෙන්නාම සෞඛ්‍ය අංශයේ තමයි සේවය කළේ. දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. අයියා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. අම්මයි තාත්තයි නුවර ඉන්නේ. අයියයි මමයි කොළඹට වෙලා වැඩ කරනවා.
අනිවාර්යයෙන්ම ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැම රැපර් කෙනෙක්ම මුහුණ දෙන එකක්. මේකේ ප්‍රධානම දේ තමයි භාෂාව. ඒ හාෂා හැසිරවීමට නීති නැහැ. නමුත් ලංකාවේ තියන සංස්කෘතියත් එක්ක අපි නීති ටිකක් හදාගෙන තමයි මේක කරන්නේ. නමුත් ඉතිං ප්‍රශ්න නැති ක්ෂේත්‍රයක් නෑනේ. මටත් ඒවා එහෙමම තියනවා.
ඔව්, අනිවාර්යයෙන්ම. නමුත් මට රත්තරං වගේ යාළුවෝ ටිකක් ඉන්නවා. මට රත්තරං ප්‍රේක්ෂකයන් ඉන්නවා. රත්තරං අම්මයි තාත්තයි ඉන්නවා. ඔක්කොටම වඩා මගේ ජිවිතයේ හොඳම යාළුවා, මගේ අයියා ශ්‍රීමාල් රුවන්ගේ මාත් එක්ක ඉන්නවා. මාව වැටෙන හැම තැනකදීම අල්ල ගත්ත හැමදෙනාටම බොහෝම ස්තුතියි. මම අනිවාර්යයෙන්ම ඔයාලට ආඩම්බරයක් වෙන වැඩක් කරනවාමයි.
සටහන
මොහාන් සුරවීර