ජනපති සම්මානයෙන් යළි බැබළෙන බ්‍රැන්ඩික්ස්

සාමාජික සාමාජිකාවන් 60,000 කට අධික ප්‍රමාණයක් සේවයේ යෙදෙන, මෙරට විශාලතම මහා පරිමාණ ඇඟලුම් අපනයන සමූහයක් වන බ්‍රැන්ඩික්ස් මෙවරත් ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙරට අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙනුත්, දිවයිනේ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තය තුළ බ්‍රැන්ඩික්ස් හී කේන්ද්‍රීය භූමිකාව වෙනුවෙනුත් බ්‍රැන්ඩික්ස් සමූහයට මෙවර සම්මාන හිමි වුණා.

ලොව සුප්‍රකට ඇඟලුම් සන්නාම රැසක ඇඟලුම් නිර්මාණය කිරීම සිදු කරන බ්‍රැන්ඩික්ස් සමූහයට මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වනුයේ එහි සාමාජික සාමාජිකාවන්ගේ දැඩි කැපවීමත්, එහි නායකත්වයේ මනා මෙහෙයවීමත් බව නොරහසක්.