නොවැම්බරයේ හා දෙසැම්බරයේ බ්‍රැන්ඩික්ස් රුහිරු දාන

වසර පුරාම මාසිකව පැවැත්වුණු බ්‍රැන්ඩික්ස් රුහිරු දාන වැඩසටහන ගෙවුණු වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාස වලත් ඉතාම සාර්ථකව පැවැත්වුණා. මේ සඳහා බ්‍රැන්ඩික්ස් ආයතන හතරක් දායකත්වය ලබාදුන්නා.

නොවැම්බර් මාසයේ බ්‍රැන්ඩික්ස් රුහිරු දාන වැඩසටහනේදී ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිර පයින්ට් 126 ක් පරිත්‍යාග කරනු ලැබූ අතර දෙසැම්බර් මාසයේ බ්‍රැන්ඩික්ස් රුහිරු දාන වැඩසටහනේදී ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට දායක කෙරුණු මුළු රුධිර ප්‍රමාණය පයින්ට් 157 ක්.

ඒ අනුව සමස්තයක් ලෙස රුධිර පයින්ට් 3192 ක් බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට දායක කරනු ලැබුවා.

2022 වර්ෂයේ දී පමණක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාජික සාමාජිකාවන් විසින් පයින්ට් 5700කට අධික රුධිර පරිමාවක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරනු ලැබුවා. 2011 වසරේ සිට බ්‍රැන්ඩික්ස් සමූහය විසින් රුධිර පයින්ට් 42,000කට අධික ප්‍රමාණයක් එම මධ්‍යස්ථානයට පරිත්‍යාග කොට තිබෙනවා. එසේම, රුධිරය පරිත්‍යාග කරනු ලබන, ශ්‍රී ලාංකිකයන් සිය දෙනෙකුගෙන් එක් අයෙක්, බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයෙක් වනවා.

බ්‍රැන්ඩික්ස් සමූහයට වසර ගණනාවක් පුරා මාස්පතා මෙවන් වැදගත් වැඩසටහනක්, සමාජ සේවයක් සිදු කිරීමට හැකි වී තිබෙන්නේත්, බ්‍රැන්ඩික්ස් සමූහය වසර ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර දායකයා ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මඟින් ඇගයීමට ලක් වෙමින් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ පරිත්‍යාගශීලීත්වය නිසාමයි.