බ්‍රැන්ඩික්ස් තවත් SMART වෙයි

කාලයේ තාලයට හැඩගැහෙන බ්‍රැන්ඩික්ස් මේ එළඹුණා වූ අලුත් අවුරුද්දේදීත් ඉතා විශාල පිම්මක් පනින්නට සූදානමින් ඉන්නවා. ඒ, ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය යොදාගෙන සියලු බ්‍රැන්ඩික්ස් ආයතන ඩිජිටල්කරණය හරහා අලුත් කිරීමෙන්. ඇත්තටම මොකක්ද මේ ස්මාටර් බ්‍රැන්ඩික්ස්? මොකක්ද මේ බ්‍රැන්ඩික්ස් සමූහයේ අලුත්ම පිම්ම?  අපි කියවලාම දැන ගනිමු!

ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය හරහා බ්‍රැන්ඩික්ස් ආයතනවල වැඩ කටයුතු, නව තාක්ෂණය සමඟ මුසු කරමින් ඉතා පහසුවෙන්, සරලව හා ශීඝ්‍රව සිදු කරගැනීම අපේක්ෂා කෙරෙනවා.

මුළු ලෝකයව ඩිජිටල්කරණය වන විට බ්‍රැන්ඩික්ස් අපටත්, ඒ නව ලෝකය තුළ රැඳී සිටීමට හා ඒ සමඟ ඉදිරියට යෑමට නව තාක්ෂණය හා අත්වැල් බැඳ ගැනීම අත්‍යාවශ්‍යයි. ස්මාර්ටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය අප ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒ නිසා.

ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය වන ඩිජිටල් සාක්ෂරතාව, උපාංග හා තාක්ෂණයත් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ට ලබා දීමට කටයුතු සිදු කෙරෙනවා.

සම්පූර්ණ බ්‍රැන්ඩික්ස් සමාගමම ඩිජිටල්කරණය කිරීම ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය හරහා සිදු කෙරෙන අතර ස්මාට් ෆැක්ට්‍රි ව්‍යාපෘතියෙන් බ්‍රැන්ඩික්ස් ආයතන හා ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලි නව තාක්ෂණය යොදා ගනිමින්, වඩා ගුණාත්මකව හා කාර්‍යක්ෂමව, ලෝක වෙළෙඳපොළේ තරඟකාරීත්වයට ගැළපෙන අයුරින් වඩා උසස් තත්ත්වයකට ගෙන එමින් ඉදිරියට යෑම බලාපොරොත්තු වෙනවා.

ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය හරහා ආයතනයේ වැඩ කටයුතුත්, බිල්පත් ගෙවීම වැනි පුද්ගලික කාර්‍යයනුත්  නව තාක්ෂණය භාවිතයෙන් සාමාජික සාමාජිකාවන් පහසුවෙන්ම කිරීම අපේක්ෂා කෙරෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදිරියේදී ආයතන වලට එකතු කිරීමට නියමිතයි. එසේම ඒ සඳහා බ්‍රැන්ඩික්ස් අපේ සාමාජික සාමාජිකාවන්ට අවශ්‍ය කරන පුහුණුවත් ඉදිරියේදී ලබා දෙනු ඇති.