
ආදරණීය පිරිමි පපුවට ලියමි…
ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක මැදින් පරිස්සමට ගලා යන ගඟුලක්… ඇත්තටම මට නුඹ

ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක මැදින් පරිස්සමට ගලා යන ගඟුලක්… ඇත්තටම මට නුඹ

එදා වාගෙම අදත් එදා වාගෙම අදත් මඳ පවන හමනවා මල් වැටුණු ගුරු පාර තවම මග බලනවා… පාට නැති සිහින පොදි කළුවරේ මැකෙනවා සඳ නොමැති රැය

පිය මහ රජු හිරු කිරණ විලසින දිවි මග එකලු කොට රන් ඩා බිඳු හෙළා මගෙ දිවිය සරු කළා පැහැබර හෙට දිනෙක පෙර නිමිති දකිමින් සුබ

ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න… බලාපං ආදරෙයි මහා මෙරක් කියාලා මහා හුඟක් තෑගී කර විටින් විට එවාලා පපුව මැද ඇවිලෙනා දුක් ගින්න බලාලා මැණිකේ

කවියෙකුට විතරමයි පුළුවන්… ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න.. කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව විඳින්න… නටු අගින් ගිලිහිලා වැටුනත් පුරුදු ප්‍රේමය පුදන්න…

පතිනිය මල් මුරයට මල් කඩන්න යන්න එපා ගඟ මැද්දට මම එන්නම් මල් අරගෙන ගම අයිනේ පොකුණ ළඟට කිරි වෙහෙරට මල් පුදන්න ගියදා මම අම්මා එක්ක

ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය පැසවා සැඟවී ඉඳපු කඩියෙකු හදවත සැපුවා නෙක නෙක

දිය හොද්ද හිරු එබෙන්නත් කලින් අලුයම ඇහෙන කිචි බිචි කුරුළු නාද පරාදයි අපෙ තාත්තාගේ බනින කුණුහරුපයේ නාද මග හැරෙන්නේ නොමැති දේ නම් බිඳෙන වළඳක ”

පොඩි පුතුට ආදරෙන් පෙර සසරේ පුරුදු ලෙසට ඇවිත් කුසට මගේ මව් පදවිය දුන්නා මට පුංචි පුතා මගේ හීනෙන් නුඹ ආවෙ නැතත් ඇත් පැටියෙක් වගේ මගෙ

පොඩි සාදු සුවඳ දීගෙන පිපුන මොහොතෙම නටු අගින් මල් නෙළුනාදොහොත් වැඳලා ගාථා කියලම ආසනෙන් බිම හැළුනාසුදු වතින් මුළු වතම වහගෙන මළුවෙ වටපිට බලනාකාගෙ කාගෙත් කිල්ලෝට

මගේ මැණිකේ… පහන් එළියෙන් පිරුණු කුටියේබිමට පැදුරක් එලාලාහීන් සීරුවෙ ඇල වුනා මංහනේ හම්මේ කියාලාකුඹුර එක්කලා ඔට්ටු වුනු මගෙකොන්දෙ පැත්තක් දවාලාවාත කිපිලද එහෙම නැති නම්සාංකා හිත

මට අහිමි වසන්තය අහසක් සේ උසට සිතුවිලි පිරුණාට සයුරක් සේ ගැඹුරු මතකය තිබුණාට වෙන කාටත් වඩා සෙනෙහස පිදුවාට නුඹ් හිමි වුණේ මට නොව මගෙ මතකයට

එහෙව් රටක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පන්නා සිංහලේ ලේ බලය ලෝකෙටම පෙන්නා එඩිතරව වීරකම් කරපු අය ඉන්නා ලංකාව තමයි ඒ අපි හුස්ම ගන්නා… අභිමානේ තියෙනවා හැමෝගෙම

ඒ සොඳුරු දවස සුන්දර මතක ළඟ නැවතුණ මගේ හිත හිමිහිට මිමිණුව මෙන්න මෙහෙම පුළුවන්ද තව එක දවසක් එක්කගෙන යන්න ඒ සුන්දර මිනිස්සු ඉන්න කොදෙව්වට හිතාගන්න

රිදෙනවද ඔතරම් පාළුවට පෙරළුවත් මතක පොත් ආයේ… පරවෙච්චි මල් කෝම පූදින්නෙ රහසේ… නිවීගන යන්න පෙර තරු හුඟක් අහසේ… කඩාගන වැටෙන හැටි සඳ නැතිද දැක්කේ… මවාගන

ඇත් රැජිනියේ ඉකි ගසා හඬන්නට ඇවැසි මුත් සිනාසෙන… ඒ අතර විටින් විට කැස්ස හැදි හති අරින… ඉරි තැළුණු යටි දෙපා පොල්තෙලින් පිරි මදින… මන්ද ඇත්

වසන්තය දැන් ළඟයි මැණික බිඳී විසිරී ගියත් හදවත හිරකරන් මහමේරු දුකක හිනාවෙන හැටි හරිම පුදුමයි සිසිල ඇයි මේ දැවෙන හිතක ඇවිළිලා යන මේ ඉඩෝරය ගෙවී

කවියකි නුඹ දෑස මානයේ රැඳෙනා මේ හිත නුඹවම සොයනා කතරකට මිරිඟුවක් සේ නුඹ මට සිහිනයක් වෙලා නින්දෙන් මා හඬවාලා හිත රිදෙනා දුර ඇදුණා දවසෙම මගෙ

විඳින්නට දැන් ඒ වෙලාව වයන්නට මියුරු ලෙසකට බටනළාව නැගෙන්නට කලින් ගඟනට වැහිවළාව පිපෙන්නට සුවඳ කුසුමන් දැන් වෙලාව විඳින්නට හැකියි බිඳිමින් හුදෙකලාව තිවංක එස්. දිසානායක බ්‍රැන්ඩික්ස්

මිතුදම නන්නාදුනන්නන් පිරිවැරූ වැඩබිමේ තනිවෙලා හිඳිද්දී ඔබෙ දෙනෙත් හමුවුණා මගේ නෙත් සැරිසරද්දී… මඳහසක් නැගූයෙමි හුරුපුරුදු හින්දා හසරැළි නැගුවා ඔබත් පෙර සසරෙ හමුවුණිද මන්දා… එයින් පසු

ගැහැනිය සුමුදු මල් පෙති තරම් සින්දුයි – ඇගේ කම්මුල් ලස්සන මොනර පිළකට සමයි ඇයගේ කෙහෙරැල්ල මුදු දිලිසෙන ඈත අහසේ සඳ වගෙයි ඇගෙ මුහුණ පියකරු දිස්වන